ශ්‍රී ලංකා සංචාරක අධීකාරියේ සභාපති කාවන් රත්නායක මහතා අදහස් දක්වමින්

දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය ගෝලිය අවශ්‍යතා හා නව ප්‍රවණතා සඳහා අනුගත වීම වැදගත්ය. විශේෂයෙන් ඩිජිටල් යුගයකට ලෝකයම අවතීර්ණ වෙමින් සිටින කාලයක ඒ සඳහා නවමු ගවේෂණයන් කිරීම අත්‍යාවශ්‍යය. වසර ගණනක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරමින් ලබාගත් අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ගෝලීයවද වැදගත් වන pickmyjourney.com- නව ඩිජිටල් ඉ-අලෙවිකරණ උපාංගය වර්ල්ඩ් ට්‍රැවල් සෙන්ටර් ආයතනය හඳුන්වා දෙන ලදී. වෙබ් අඩවියක් වන මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම අයෙකුට ලෝකයේ ඕනෑම තැනකට ගුවන් ටිකට්පත්, හෝටල්, විවිධ සංචාර හා ප්‍රවාහන පහසුකම් සපයාගත හැකිය. pickmyjourney.com තුළින් හඳුන්වාදෙන සුවිශේෂි පහසුකම් වන්නේ දැනට ලොව පුරා ජනප්‍රිය SiC – Seat-in-Coach මාදිලියේ සංචාර සහ ක්‍රීඩා සංචාර වෙන්කරවා ගැනීමේ පහසුකමයි. ශ්‍රී ලංකාවට තවමත් අලුත් වුවද SඓC සංචාර දැනට ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. තායිලන්තය, මැලේසියාව හා සිංගප්පූරුව ආදි රටවල් මෙම ක්ෂේත්‍රයේ ප්‍රබල අභියෝග වන නමුත් ලංකාව ක්‍රීඩා සංචාර සඳහා ප්‍රචලිත කිරීමට වඩාත් හොඳ අවස්ථාවක් ඇත.

                            වර්ල්ඩ් ට්‍රැවල් සෙන්ටර්හි කළමනාකාර අධ්‍යක්ෂ සුධර්මා ද සිල්වා

වර්තමානයේ බහුලව කතාබහ කෙරෙන ක්ලව්ඩ් තාක්ෂණයට බෙහෙවින් සමාන මෙම උපාංගය තුළින් පාරිභෝගිකයාට කැමති ආකාරයෙන් තමන්ගේ සංචාරය සකස් කර ගත හැකිවීම සුවිශේසි කටයුත්තකි.  වර්ල්ඩ් ට්‍රැවල් සෙන්ටර්හි කළමනාකාර අධ්‍යක්ෂ සුධර්මා ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙම සංකල්පය තුළින් ලංකාව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ලෝකය තුළ ව්‍යාප්ත කිරීමට හැකියාව පවතින බව පෙනීයන කරුණකි. වර්ථමානයේ විවිධ ගෝලීය සමාගම් විසින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සිය අණසක පතුරවමින් සිටින්නේ ඔවුන්ට නිසි අභියෝගයක් එල්ල නොවන නිසාය. ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් ඔන්ලයින් වෙන්කරවාගැනීමේ තාක්ෂණය භාවිත කරමින් සියලුම හෝටල් වෙන්කිරීම් ආදිය සිදුකරන අතර මෙරට නියෝජිත ආයතන හුදෙක් ප්‍රවාහන සේවා සපයන ආයතන බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය.

මෙම එළිදැක්වීමේඅවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා සංචාරක අධීකාරියේ සභාපති කාවන් රත්නායක මහතා අදහස් දක්වමින් ලෝකයම ඩිජිටල්කරණය වන යුගයක ලංකාවේ සංචාරක කර්මානතය තුලින් මෙවැනි උපාංගයක් හඳුන්වාදීම සුවිශේෂි කටයුත්තක් බව ප්‍රකාශ කළ අතර මෙවර සංචාරක දිනය නිමිත්තෙන් යාපනයේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශණයට සහභාගී වන මෙන්ද pickmyjourney.com ආයතනයෙන් ඉල්ලා සිටි අතර, එම අවස්ථාවේදී විදෙස් මාධ්‍ය වෙත මෙම නව උපාංගය හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවද ප්‍රකාශ කළේය.

pickmyjourney.com හරහා තනිවම සංචාර වෙන්කරවා ගැනීම මෙන්ම නියෝජිත ආයතන වලටද මෙමගින් තමන් කැමති ආකාරයේ සංචාර නිර්මාණය කර පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාවද ලබාදී තිබීම තුළින් තනි පුද්ගලයින් මෙන්ම සංචාරක නියෝජිත ආයතනද මේ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.

මුලුමනින්ම ශ්‍රී ලාංකීය නිමැවුමක් වන www.pickmyjourney.com හරහා සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇති බව මෙහි නිර්මාණකරුවන්ගේ විශ්වාසයයි. +94763 659 659 හරහා ඔබට pickmyjourney.com පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *